YouVersion Logo
Search Icon

ගීතාවලිය 136:4-9

ගීතාවලිය 136:4-9 SNRV

අසිරිමත් දේ කරන එක ම තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. ප්‍රඥාවෙන් අහස මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. ජල මතුයෙහි පොළොව මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. ඉර හඳ මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. දවාල පාලනය කිරීමට හිරු මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. රාත්‍රිය පාලනය කිරීමට සඳ හා තාරකා මැවූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.

Video for ගීතාවලිය 136:4-9