ගීතාවලිය 136:23-26
ගීතාවලිය 136:23-26 SNRV
අප පරාජයට පත් ව සිටිය දී අප සිහිකළ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. එතුමාණෝ සව් සත හට ආහාර සපයන සේක. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.





