YouVersion Logo
Search Icon

ගීතාවලිය 132:11-18

ගීතාවලිය 132:11-18 SNRV

සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක: “නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි. නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,” සමිඳාණෝ සියොන් තෝරාගත් සේක. සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක. මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ. මම මෙහි වැඩ වසන්නෙමි; මම ඊට කැමැති වෙමි. සියොන්හි වැසියන්ට ආහාර බහුලත්වයෙන් මම ආසිරි දෙන්නෙමි; එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි. එහි පූජකයන් ගැළවීමේ සළුවෙන් සරසන්නෙමි. එහි සැදැහැවත්හු තුති ගොස කරන්නෝ ය. එහි දාවිත්ගෙන් පැවැතෙන්නෙකු බලවත් රජෙකු කරන්නෙමි. මාගේ අභිෂේක ලත් තැනැත්තාට පහනක් මෙන් දිළෙන්නට සලසන්නෙමි. ඔහුගේ සතුරන් ලජ්ජාවට පත් කරන්නෙමි. එහෙත්, ඔහු මත ඔහුගේ කිරුළ බබළන්නේ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 132:11-18