YouVersion Logo
Search Icon

හිතෝපදේශ 9:1-6

හිතෝපදේශ 9:1-6 SNRV

ප්‍රඥාව ඇගේ මන්දිරය ඉදි කර ඇත, එහි කුලුණු සතක් සාදා ඇත. සතුන්ගේ මසින් ද රස කැවූ මිදිරසයෙන් ද ඇගේ මඟුල් මේසය පිළියෙළ කොට ඇත. තමන් පිටත් කර යැවූ සේවිකාවන් ලවා, නගරයේ ඉහළ ම තැන සිට ඈ මෙසේ ආරාධනා කරන්නී ය: “අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.” මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය: “එන්න මාගේ බොදුන් අනුභව කොට, රස කැවූ මිදිරස පානය කරන්න. අනුවණකම හැරදමා ජීවත් වන්න; නැණනුවණ මාවතෙහි ගමන් කරන්න.”

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 9:1-6