හිතෝපදේශ 27
27
1 #
ජාකො 4:13-16
“අද කුමක් වේ දැ”යි කියා වත් නොදන්න ඔබ, හෙට ගැන පාරට්ටු නොකරන්න.
2අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා;
අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න.
3ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.
4කෝපය කුරිරු ය;
ක්‍රෝධය රුදුරු ය;
එහෙත් ඊර්ෂ්‍යාව ඉවසිය හැක්කේ කාට ද?
5කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.
6මිතුරාගෙන් වන රිදුම හිතවත්කමේ ලකුණකි.
සතුරාගෙන් ලැබෙන සිඹීම විපතේ පෙර නිමිත්තකි.
7කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ;
සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.
8සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.
9සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි;
හිරිහැර, කරදර සිත දෙදරවයි.
10ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න.
විපතේ දී නෑයින් වෙත නොයන්න.
ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.
11මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න.
12නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි;
අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.
13අමුත්තෙකුට ඇප වන විට ඇප වන්නාගේ ඇඳුම ඇපයට ගන්න, එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
14ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.
15කලහකාරී කතගේ කන්දොස්කිරියාව නොනැවතී වසින වැස්සක් වැන්න.
16ඇය නැවැත්වීමට තැත් කිරීම සුළඟ අල්ලාගැනීම වැනි ය.
තෙල් අහුරක් ගැනීම වැනි ය.
17යකඩින් යකඩ මුවහත් වෙයි;
එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.
18අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි;
තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.
19වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය;
සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.
20පාතාලය හා අවීචිය කවදාවත් තෘප්තියට නොපැමිණෙයි;
මිනිසාගේ තෘෂ්ණාව ද කවදාවත් සෑහීමට පත් නොවෙයි.
21රිදී, කෝවයෙන් දැනගනිති;
රන්, ගිනි උදුනෙන් දැනගනිති;
මිනිසා, පැසසුමෙන් දැනගනිති.
22මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?
23ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න;
ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.
24ධන සම්පත් සදහට ම පවතින්නේ නැත.
රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.
25තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි.
කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.
26ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.
27ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.
Currently Selected:
හිතෝපදේශ 27: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in