YouVersion Logo
Search Icon

ගණන් කථාව හැඳින්වීම

හැඳින්වීම
ඉශ්රායෙල්වරුන් සීනයි කන්දෙන් නික්ම අවුරුදු හතළිහක් තුළ පාළුකරය ඔස්සේ ගොස්, දෙවියන් වහන්සේ ඔවුන්ට දීමට පොරොන්දු වූ දේශයේ පෙරදිග මායිමට පැමිණීමේ ගමන් විස්තරය මේ පොතෙහි අඩංගු වේ. මෙහි පරිච්ඡේද කීපයක සඳහන් වන ඉශ්රායෙල් ජනතාවගේ ලේඛන සංගණන නිසා මේ පොතට ගණන් කථාව යයි කියනු ලැබේ. මෙහි ප්‍රධාන කොටස් පහක් ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1–9 සීනයි කන්දෙන් නික්ම යාමට සූදානම් වීම.
පරිච්ඡේද 10–21 සීනයි කන්දේ සිට මෝවබ් දේශය දක්වා වූ සිද්ධීන් පිළිබඳ තොරතුරු.
පරිච්ඡේද 22–32 මෝවබ් දේශයේ වූ කරුණු පිළිබඳ විස්තරය.
පරිච්ඡේද 33 මිසර දේශයේ පටන් මෝවබ් දේශයට පැමිණීම දක්වා වූ ගමනේ විස්තරයේ සාරාංශය.
පරිච්ඡේද 34–36 ජොර්දාන් ගඟෙන් එගොඩ වීමට පෙර උපදෙස්.
පාළුකරය ඔස්සේ වූ ඉශ්රායෙල්වරුන්ගේ ගමන අධික දුක් කරදර සහිත එකක් විය. එබැවින් පාඨකයාට මෙහි හමු වනුයේ බොහෝ විට අධෛර්යයට පත්, අවිශ්වාසවන්ත, කැරලිකාර දේව සැලසුම්වලට පිටුපා ගිය ජනතාවකි. මෙහි කැපී පෙනෙන වැදගත් කරුණු දෙකකි. පළමු වැන්න නම් දෙවියන් වහන්සේ සිය ජනතාවගේ දුබලකම හා අකීකරුකම නොතකා, ඔවුන් ඓතිහාසික වන්දනා ගමනකට සූදානම් කරමින්, මහත් සෙනෙහසකින් ඔවුන්ට මඟපෙන්වීම යි. දෙ වැන්න නම් දෙවියන් වහන්සේ හා ජනතාව කෙරෙහි, මෝසෙස් තුමා දැක්වූ අචල භක්තිය හා ඇදහිල්ල යි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in