YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 16:1-6

ශුද්ධවර ජොහන් 16:1-6 SNRV

“මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි. තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.” “මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ, මා ඔබ සමඟ සිටි බැවිනි. එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති. එනමුත්, මා මේ දේවල් ඔබට කී බැවින්, ඔබේ සිත් දුකින් පිරී ඇත.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ජොහන් 16:1-6