යෙසායා 46
46
පිළිමවල බලහීනකම
1“බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත.
වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.
2මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත.
ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය.
ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
3උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි!
ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි!
මට සවන් දෙන්න.
4නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි;
මම නුඹලා මැව්වෙමි;
මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.
5නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න:
මා හා සම කිසිවෙක් ඇද් ද?
6වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.
7ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති.
ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ.
යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.
8ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.
9පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.
10අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි.
සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි.
මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
11මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි.
ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය.
මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.
12ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න.
13ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි.
එය වැඩිදුර නොවේ;
මාගේ ජය ප්‍රමාද නොවේ.
මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”
Currently Selected:
යෙසායා 46: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in