යෙසායා 17
17
සිරියාව හා ඉශ්රායෙල් දඬුවම් කරනු ලැබීම
1 #
ජෙර 49:23-27; ආමො 1:3-5; සෙකරි 9:1 දමස්කය පිළිබඳ දේව ප්රකාශනය මෙය ය:
සව් බලැති දෙවි සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“දමස්කය මින් මතු නුවරක් ව නොපවතින්නේ ය.
එය නටබුන් ගොඩක් වන්නේ ය.
2සිරියාවේ නගර සදහට ම පාළු වන්නේ ය.
ඒවා බැටළුවන්ට හා ගවයන්ට ලැගුම් බිම් වන්නේ ය.
උන් එලවාදමන්න කිසිවෙක් එහි නොවන්නෝ ය.
3ඉශ්රායෙල් බලකොටු බිඳ වැටෙන්නේ ය;
දමස්ක ආධිපත්‍යය නැති වන්නේ ය.
ඉශ්රායෙල් සෙනඟට වූවාක් මෙන් ඉතිරි වන සිරියන්වරුන්ගේත් යසඉසුරු පහ වී යන්නේ ය.
4“ඉශ්රායෙල්හි තේජස හීන වන එහි වස්තුව පහවන කාලයක් පැමිණෙන්නේ ය.
5ඉශ්රායෙල් ගොයම් කපන ලද කෙතක් මෙන් වන්නේ ය.
එය රෙපාවරුන්ගේ මිටියාවතේ අන්තිම කරල පවා අහුලාගත් පසු පාළු වී ඇති කෙතක් මෙන් වන්නේ ය.
6ඔලීව ගසක් සෙලවූ කල මුදුන් අත්තේ ගෙඩි දෙක තුනක් ද අන් අතුවල ගෙඩි හතරක් පහක් ද ඉතිරි වන්නාක් මෙන් ඉශ්රායෙල්හි සෙනඟ ස්වල්ප දෙනෙක් පමණක් ඉතිරි වන්නෝ ය.
මෙසේ පවසන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මම ය.”
7ඒ දවස පැමිණි විට සෙනඟ තමන්ගේ මැවුම්කාරයාණන් වන ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවියන් වහන්සේ වෙත පිහිට සොයා හැරෙන්නෝ ය. 8ඔවුන් තමන්ගේ අත්වලින් තනාගත් පූජාසන සලකන්නේ වත්, අෂේරා දේවිය නැමදීමට සිය’තින් සාදාගත් කප් කණු හා දුම් පූජාසන කෙරෙහි විශ්වාසය තබන්නේ වත් නැත.
9ඒ දවස පැමිණි විට මනා සේ ආරක්ෂා කරන ලද ඒ නගර පාළු වී ඉශ්රායෙල්වරුන් කෙරෙන් හිවීවරුන් ද අමෝරිවරුන් ද පාළුවට හැර පලා ගිය නගර මෙන් නටබුන් වන්නේ ය.
10ඉශ්රායෙල්වරුනි, ඔබේ විමුක්තිය හා රැකවරණය වන, පර්වතය මෙන් වැඩ සිටින දෙවිඳුන් අමතක කර, ඔබ අඩොනිස් දෙවියාට ද අන්‍ය දෙවිවරුන්ට ද වෘක්ෂාරාම කැප කළහු ය.
11එහෙත්, ඒවා පැළ කළ දවසේ දී ම ඒවායේ දලු ලා මල් ද හටගන්න නමුත්, පල නෙළාගැනීමට හැකි වන්නේ නැත.
ශෝකය හා තද දුක පමණක් ඇති වන්නේ ය.
සතුරු ජාතීන් පරාජය කරනු ලැබීම
12අන්න,
බොහෝ ජන සමූහයන්ගේ ඝෝෂාවක්!
මුහුදු ඝෝෂාවක් මෙන් ද මහා රළ පතර ගර්ජනාවක් මෙන් ද ඔව්හු ගිගුරුම් දෙති.
13වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක.
එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.
14සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත.
අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.
Currently Selected:
යෙසායා 17: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in