හොසියා 14
14
ඉශ්රායෙල්ට හොසියාගේ ආයාචනය
1ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. ඔබේ අයුතුකම් නිසා ඔබ වැටී සිටින්නහු ය. 2සමිඳාණන් වහන්සේ වෙත හැරී අවුත් මේ යාච්ඤාව උන් වහන්සේට ඔප්පු කරන්න: “අපේ සියලු අපරාධවලට කමා වී අපේ යාච්ඤා කරුණාවෙන් පිළිගත මැනව. එවිට අපි පොරොන්දු වූ පරිදි ඔබට ප්‍රශංසා කරන්නෙමු. 3අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”
ඉශ්රායෙල්ට නව ජීවනයක්
4“මම ඔවුන්ගේ අපක්ෂපාතකම සුව කරමි;
මාගේ මුළු සිතින් ඔවුන්ට ප්‍රේම කරමි.
මන්ද, ඔවුන් කෙරේ මාගේ උදහස පහ වී ගොස් ඇත.
5ඉශ්රායෙල්ට මම පිනි මෙන් වන්නෙමි.
ඔවුන් මානෙල් මෙන් පිපෙනු ඇත;
ලෙබනොන්හි ගස් මෙන් මුල් අදිනු ඇත.
6ඔවුන්ගේ අතු විහිදී යයි;
ඔලීව ගස් මෙන් හොබනේ වෙයි;
ලෙබනොන්හි මෙන් සුවඳ පතුරයි.
7ඔවුන් යළිත් ආපසු පැමිණ මාගේ සෙවණෙහි වසනු ඇත;
උයනක් සේ සමෘද්ධ වී මිදි වැලක් සේ පල දරනු ඇත;
ලෙබනොන්හි මිදියුස මෙන් කීර්තිමත් වනු ඇත.
8එප්‍රායිම් සෙනඟට දේව රූපවලින් තවත් වැඩක් ඇද් ද?
නුඹලාට පිළිතුරු දී නුඹලා ආරක්ෂා කරන්නේ මම ය.
මම කිසි කලෙක නොමැලවෙන දේවදාර ගසකි.
නුඹලාගේ රැකවරණය මම ය.
නුඹලාගේ සියලු ආසිරිවලට උල්පත මම ය.”
අවසානය
9මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.
Currently Selected:
හොසියා 14: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in