හබක්කුක් හැඳින්වීම
හැඳින්වීම
ක්‍රි.පූ. හත් වන ශත වර්ෂයේ අවසාන භාගයේ බබිලෝනිවරුන් බලයට පත් වී සිටි කාලයේ දී හබක්කුක් දිවැසිවරයා සිය පණිවුඩය ප්‍රකාශ කෙළේ ය. බබිලෝනිවරුන්ගේ කෘරකම් හා සැහැසිකම් ගැන ඔහු බොහෝ සේ කැළඹී දෙවියන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කෙළේ ය. “නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට නිහඬ ව සිටින්නේත්, මන් ද?” එයට පිළිතුරු වශයෙන් දෙවියන් වහන්සේ, තමන් තෝරාගත් කාලයක දී නිසි අයුරින් ක්‍රියා කරන බව වදාළ සේක. ඒ අතරතුර කාලයේ දී, “අදමිටු අය නොපවතින්නෝ ය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.” පොතේ ඉතිරි කොටස, අධර්මිෂ්ඨයන්ගේ විනාශය ගැන අනාවැකියකින් ද දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ට භාවය ගැන ප්‍රශංසා ගීයකින් ද කර්තෘගේ අමරණීය, අචල ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශනයකින් ද සමන්විත ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1-24 හබක්කුක්ගේ පැමිණිලි හා සමිඳුන්ගේ පිළිතුරු.
පරිච්ඡේද 2:5-20 අදමිටුන්ගේ විනාශය.
පරිච්ඡේද 3:1-19 හබක්කුක්ගේ යාච්ඤාව.
Currently Selected:
හබක්කුක් හැඳින්වීම: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in