YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 5:17-20

ධර්මදේශකයා 5:17-20 SNRV

ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට අන්ධකාරය හා දුක ඇත. දැඩි සිත් වේදනාව හා කෝපය ඇත. මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ හිමි කොටස එය වේ. තවද, දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙකුට සැප සම්පත් දී, ඒවා භුක්ති විඳින්නටත්, තමාගේ කොටස රැගෙන එයින් ප්‍රීතිවන්නටත් සලසා තිබේ නම්, ඔහු ඒ ගැන කෘතඥ විය යුතු ය. එය දෙවියන් වහන්සේගෙන් එන දීමනාවකි. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ප්‍රීතිය දී ඇති බැවින්, කෙටි ජීවිතයක් ගැන ඔහුට කරදරයක් නැත.

Free Reading Plans and Devotionals related to ධර්මදේශකයා 5:17-20