ධර්මදේශකයා 5:1-3
ධර්මදේශකයා 5:1-3 SNRV
ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට යන විට ප්‍රවේසම් වන්න; අඥානයන් මෙන් පූජා ඔප්පු කිරීමට වඩා කීකරු වෙමින් ළං වීම හොඳ ය. මන්ද, තමන් නපුර කරන බව ඔව්හු නොදනිති. කතා කිරීමට පෙර හොඳින් සිතා බලන්න; දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉක්මන්කාරකමින් බාරහාර නොවන්න. මන්ද, දෙවියන් වහන්සේ ස්වර්ගයෙහි ය. ඔබ පොළොවෙහි ය. ඒ නිසා ඔබේ වචන ස්වල්ප වේ වා! කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි.





