YouVersion Logo
Search Icon

ක්‍රියා 16:20-26

ක්‍රියා 16:20-26 SNRV

ඉන්පසු නඩුකාරයන් ළඟට ද ඔවුන් ගෙන ගොස්, “ජුදෙව්වරුන් වන මේ මනුෂ්‍යයෝ අපගේ නුවර අතිශයින් කළඹමින්, රෝමවරුන් වන අපට පිළිගන්නට වත් පිළිපදින්නට වත් බැරි නීතිවිරෝධි චාරිත්‍ර උගන්වති යි කී හ. එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ. මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය. එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ. හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 16:20-26