2 කොරින්ති 10
10
චෝදනාවලට පිළිතුරු
1ඉදිරිපිට සිටිය දී බියසුල්ලෙකැ යි ද ඈත්ව සිටිය දී එඩිතර කෙනෙකැ යි ද ඔබ කියන පාවුලු වන මම ක්‍රිස්තුන් වහන්සේගේ මුදුමොළොක් බව පෙරදැරි කොටගෙන ඔබගෙන් ඉල්ලීමක් කරමි. 2අප ක්‍රියා කරන්නේ ලෞකික චේතනාවෙන් යයි කියන අයට විරුද්ධ ව එඩිතර ව ක්‍රියා කිරීමට මට ශක්තිය ඇති බැවින්, ඔබ වෙත පැමිණි විට, එලෙස එඩිතර ව ක්‍රියා කිරීමට මා නොපොළඹවන මෙන් ඔබගෙන් මම යටහත් ලෙස ඉල්ලමි. 3අප ලෝකයේ ජීවත් වුව ද, අප සටන් කරන්නේ ලෞකික චේතනාවෙන් නොවේ. 4අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය. 5බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු. 6ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු.
7කරුණු ඇති සැටි සිතා බලන්න. යමෙක් තමා ක්‍රිස්තුන් වහන්සේට අයිති යයි සිතාගනී නම්, ඔහු මෙන් අපත් ක්‍රිස්තුන් වහන්සේට අයිති බව සිතට ගනීවා. 8විනාශයට නොව ගොඩනැඟීම පිණිස සමිඳාණන් වහන්සේ මට දුන් ආධිපත්‍යය ගැන මම සමහර විට පමණට වඩා පාරට්ටු කරගත්තත්, ඒ ගැන ලජ්ජා නොවෙමි. 9මාගේ ලියුම්වලින් ඔබ බියගැන්වීමට උත්සාහ කරනවා යයි නොසිතන්න. 10‘ඔහුගේ ලියුම් හරබර ය. වේගවත් ය. එහෙත් ඔහු අප ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත, කතාවෙහි දක්ෂකමක් නැතැ’යි කෙනෙකු කියනු ඇත. 11එහෙත්, අප ඈත් ව සිටින විට ලියන ලියුම් ද අප ඔබ සමඟ සිටින විට කරන දේ ද අතර වෙනසක් නැති බව එවැනි අය තේරුම් ගත යුතු යි.
12තමන්ගේ ම ප්‍රසිද්ධිය ලැබීමට තැත් කරන අයගේ ගණයට ඇතුළු වීමට හෝ අප එවැන්නන් හා සසඳා ගැනීමට හෝ ඉදිරිපත් නොවෙමු. තමන්ගේ මිම්මෙන් තමන් මනින, සැසඳීමේ මිණුම් දණ්ඩ තමන් තුළ ම යයි සලකන අය අඥානයෝ ය. 13එහෙත් සීමාව ඉක්මවා අපි අප ගැන ම පාරට්ටු කර නොගනිමු. දෙවියන් වහන්සේ ම අපේ සීමාව නියම කර ඇත. ඒ සීමාවට ඔබ ද ඇතුළත් ය. 14අන් සියල්ලන්ට ම පෙර ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න රැගෙන ඔබ වෙත පැමිණි අය අපි වෙමු. එබැවින් ඔබ ගැන පාරට්ටු කරගැනීමෙන් අපි අපේ සීමාව ඉක්මවා නොයමු. 15අපගේ නියම සීමාවෙන් පිට අනිකුත් අයගේ සේවාවන් ගැන අපි පාරට්ටු කර නොගනිමු. එහෙත් අපගේ සීමාව තුළ, ඔබගේ ඇදහිල්ල වර්ධනය වන විට, ඔබ අතර අපගේ සේවය බොහෝ සේ වර්ධනය වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. 16එවිට, අන් කෙනෙකුගේ පෙදෙසක කළ සේවයක් ගැන පාරට්ටු කර නොගෙන, ඔබගෙන් ඈත පෙදෙස්වල ද, අපට සුබ අස්න දේශනා කළ හැකි ය. 17#ජෙර 9:24 “යමෙක් පාරට්ටු කිරීමට කැමැති නම්, සමිඳාණන් වහන්සේ ගැන පාරට්ටු කරාවා”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇති පරිදි, 18පිළිගත යුත්තේ ආත්ම ප්‍රශංසාව සොයන්නා නොව දේව ප්‍රශංසාව ලබන්නා ය.
Currently Selected:
2 කොරින්ති 10: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: