1 පේදුරු 5:7-9
1 පේදුරු 5:7-9 SNRV
උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න. සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය. ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජන වන බව ඔබ දන්නා බැවින්, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීර ව සිට, යක්ෂයාට විරුද්ධ වන්න.














