YouVersion Logo
Search Icon

1 පේදුරු 1:13-17

1 පේදුරු 1:13-17 SNRV

එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න. ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න. ඔබ කැඳෙව් තැනැන් වහන්සේ ශුද්ධ ව සිටින්නාක් මෙන් ඔබ ද, ඔබගේ මුළු හැසිරීමේ දී ශුද්ධ ව සිටින්න, මන්ද, “මා ශුද්ධ ව සිටින හෙයින් ඔබත් ශුද්ධ ව සිටිය යුතු ය”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත. තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.

Free Reading Plans and Devotionals related to 1 පේදුරු 1:13-17