1 කොරින්ති 4:2-5
1 කොරින්ති 4:2-5 SNRV
භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය. එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි. මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය. එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.





