YouVersion Logo
Search Icon

ගීතාවලිය 93

93
සමිඳුන්ගේ රාජශ්‍රීය
1සමිඳාණෝ රජකම් කරන සේක;
ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක.
සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
2ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය.
ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.
3සමිඳුනි, සමුදුර රළපතර, එසේ ය, සමුදුර රළපතර, මහ හඬින් ගර්ජනා කරන්නේ ය;
ඒවා මහ හඬින් ගිගුම් දෙන්නේ ය.
4සමිඳාණෝ අහස් තලයෙහි ශ්‍රේෂ්ඨ ලෙස රජකම් කරන සේක;
එතුමාණෝ ගිගුරුම් හඬ නඟන මුහුදු ජලයට වඩා බලසම්පන්න ය, රළපතරට වඩා බලවත් ය.
5සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය.
ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 93