ගීතාවලිය 68:4-6
ගීතාවලිය 68:4-6 NRSV
දෙවිඳුන්ට ගී ගයන්න; එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමන් අබිමුව ප්‍රීතියෙන් සිටින්න. එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය. දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක; හිරකරුවන්ට නිදහස දෙන සේක; එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක.










