ගීතාවලිය 51:1-4
ගීතාවලිය 51:1-4 NRSV
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.










