ගීතාවලිය 22:3-5
ගීතාවලිය 22:3-5 NRSV
ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රශස්ති ගීත මැද වැඩ වසන සුවිශුද්ධවරයාණෝ ඔබ ම ය. අපේ මුතුන්මිත්තෝ ඔබ අදහා, ඔබ සරණ සොයා ගියෝ ය. ඔබ ඔවුන්ට මිදුම දුන් සේක. ඔව්හු ඔබට යැදුම් කළහ; මුදනු ලැබුවෝ ය. ඔබ මත විශ්වාසය තැබූ හ; ලජ්ජා නොවූවෝ ය.






