YouVersion Logo
Search Icon

ගීතාවලිය 18:29-36

ගීතාවලිය 18:29-36 NRSV

ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි: දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි. දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි. හිමි තුමන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද? අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද? මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය. මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්, උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය. මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය. ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය. ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.