YouVersion Logo
Search Icon

ගීතාවලිය 120

120
වන්දනා ගීයක්
1මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ මට උත්තර දුන් සේක.
2සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව.
3එම්බා වංචාකාරයෙනි!
දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද?
කුමන දඬුවමක් දිය යුතු ද?
4දිළෙන ගිනි අඟුරු ද හේවායාගේ තියුණු ඊගස් ද ඔබ පිට පැමිණේ වා!
5මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය.
6සාමයට ද්වේෂ කරන්නා සමඟ මම බොහෝ කල් වාසය කෙළෙමි.
7මම සාමය සොයන්නෙමි;
එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in