YouVersion Logo
Search Icon

හිතෝපදේශ හැඳින්වීම

හැඳින්වීම
හැම වැදගත් ජාතියකට ම සංස්කෘතික ඉතිහාසයක් ඇත. කාලාන්තරයක් මුළුල්ලෙහි පරම්පරානුගත ව පැවත එන උදාර සිතුම් පැතුම් මාලාවක් ද ඒ සංස්කෘතියට එකතු වෙයි. ආප්තෝපදේශ, හිතෝපදේශ, සුභාෂිත, අවවාදානුශාසනා ආදී කෘතිවල නිදන් වී ඇත්තේ, ඒ කියුම් මාලාව යි.
ජුදෙව් ඉතිහාසය පිළිබඳ ව ද මේ සත්‍යය පැහැදිලි ව පෙනේ. විශේෂ ලෙස, බයිබලයේ හිතෝපදේශ නමින් ප්‍රකට කෘතිය වූ කලී, ජනතාවගේ චින්තකයන්, දර්ශනවාදීන්, අනුශාසකයන් හා සම්භාවනීය ධර්මදේශකයන් පැවසූ උදාර කියුම්වලින් සමන්විත වූවකි.
“දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ” යන අති උදාර ධර්මතාව මුල්තැන තබා, ලෝකය, සමාජය, විවාහය, දෙමව්පිය දරු සම්බන්ධය, අධිකරණය, පරිපාලන ක්ෂේත්‍රය සහ අල්ලස් උවදුර, දිළිඳුන් තළා පෙළා සූරාකෑම වැනි සමාජ දූෂණ, පිළිබඳ ගැඹුරු අදහස් ගැබ් වූ හිතෝපදේශ රාශියක් ම මේ කෘතියෙහි දක්නට ඇත. නිහතමානීකම, ඉවසීම, දිළිඳුන් කෙරෙහි දයානුකම්පාව, මිතුරු දහම යන ගුණ දහම් මේ හිතෝපදේශ මඟින් විදහා පාන අතර සත්ගුණවත්, උදාර බිරිඳකගේ චරිතය සිතුවම් කිරීමෙන් පොත අවසන් වෙයි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy