හිතෝපදේශ 26
26
1ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත.
2ඔබමොබ පියාඹන ගේ කුරුල්ලා මෙන් ද ඉගිළී යන වැහිලිහිණියා මෙන් ද හේතුවක් නැති ව කරන සාපය නොරැඳී පලා යයි.
3අශ්වයාට කසය ඇත;
බූරුවාට කටකලියාව ඇත;
අනුවණයාට කෙවිට ඇත.
4මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි.
5මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි.
නැත්නම් ඔහු, ‘තමා නැණවතෙකැ’යි සිතනු ඇත.
6අනුවණයා අත පණිවුඩයක් යවන්නා, සිය දෙපා කපාගෙන දුකට පත් වෙයි.
7අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ කොරාගේ කකුල් මෙන් පණ නැත.
8අනුවණයාට ගෞරවය දීම ගල පටියේ බැඳ විදීම මෙන් නිෂ්ඵල ය.
9අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ, බේබද්දා අතින් වනන කටු අත්තක් වැනි ය.
10මඟ යන අඥානයකු කුළී වැඩට ගන්නා, පාරේ යන හැම අයට ම තුවාළ කරන දුනුවායෙකු මෙනි.
11 #
2 පේදු 2:22
එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
12මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
13අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි:
“පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.”
14දොර, අසව්ව පිට ඒ මේ අත හැරෙයි, අලසයා ද තම යහනේ ඒ මේ අත පෙරළෙයි.
15අලසයා බත් පිඬ ගන්න බඳුනට අත දමයි; එහෙත් එය කටට ගන්න වත් කම්මැළි ය.
16නුවණැති ව පිළිතුරු දෙන සත්දෙනෙකුට වඩා ‘තමා නැණවතෙකැ’යි අලසයා සිතයි.
17අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය.
18තමාගේ අසල්වැසියා රවටමින්,
19“මම සෙල්ලමට එය කෙළෙමි”යි කියන මිනිසා, තමා වටකර බියකරු ගිනි පෙනෙලි ද මාරක ඊගස් ද විසි කරන පිස්සෙකු වැනි ය.
20දර නැති තැන ගින්න නිවෙයි;
කේළාම් නැති තැන දබර නවතියි.
21ගිනි අඟුරුවලට මයිනහමත්, ගින්නට දරත් යම් සේ ද දබරයක් ඇවිස්සීමට කලහකාරී මිනිසාත් එසේ ම ය.
22කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.
23නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.
24කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි.
සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි.
25ඔහුගේ හදවත උතුරා යන තරම් නපුරෙන් පිරී ඇත, මිතුරු වචන කීවත් ඔහු විශ්වාස නොකරන්න.
26තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.
27ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය;
ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.
28මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.
Currently Selected:
හිතෝපදේශ 26: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society