YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 23:37-39

ශුද්ධවර මතෙව් 23:37-39 NRSV

“අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක්රැස් කරගන්න මම කීවරක් කැමැති වූයෙම් ද? එහෙත්, නුඹ කැමැති නොවූවා ය. බලන්න, නුඹේ දේව මාලිගාව පාළු කරදමනු ලැබේ. මම නුඹට කියමි, ‘සමිඳාණන් වහන්සේගේ නාමයෙන් වඩින තැනැත්තා හට ආසිරි වේ වා’යි නුඹ පවසන කාලය එන තුරු මෙතැන් සිට නුඹ මා තවත් නොදකින්නී ය.”