ලෙවී ව්‍යවස්ථාව 19:13-18
ලෙවී ව්‍යවස්ථාව 19:13-18 NRSV
“නුඹලා අසල්වැසියාගෙන් අයුතු ලෙස වාසි නොගත යුතු ය. ඔහුගෙන් කොල්ලකෑම යුතු නැත. කම්කරුවාගේ වේතනය ඔහුට නොදී පසුදා උදේ වන තුරු එය නුඹලා ළඟ තබා නොගත යුතු ය. බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. “නඩු තීන්දුවක් දෙන විට සාධාරණ ව සිටිය යුතු ය. දිළින්දාගේ පහත් තත්ත්වය වත්, බලවතාගේ උසස් තත්ත්වය වත් නොසලකා, සාධාරණ ලෙස නුඹේ අසල්වැසියා විනිශ්චය කළ යුතු ය. සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. “නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත. කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.





