ජෝබ් 4
4
එලිපස්ගේ පළමු වන කතාව
1එවිට තේමානීය එලිපස් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2“මා ඔබට වචනයක් කීවොත්, එය ඔබට කරදරයක් වේ ද?
අනේ!
මා තවත් දුරට නිහඬ ව සිටින්නේ කෙසේ ද?
3ඔබ, බොහෝ අයට දිරිය දුන් හැටිත්, දුබල අයට සවිය දුන් හැටිත් සිතා බලන්න.
4පැකිළෙන අය ඔවා බසින් තිර කොට වැනෙන, සැලෙන දෙදණ සවි කළ හැටි සිතා බලන්න.
5එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත;
ඔබට ඉවසිල්ලක් නැත.
විපත ඔබ වෙත පැමිණ ඇත;
ඔබ කැළඹී ඇත.
6ඔබේ ආගමෙන් ඔබට සැනසුමක් නැද් ද?
දැහැමි ජීවිතයෙන් ඔබට බලාපොරොත්තුවක් නැද් ද?
7නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද?
දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද?
8මා දැක ඇති ලෙස නම්, අදමිටුකම සී සාමින් අයුක්තිය වපුරන අය, ඒවා ම නෙළා ගනිති.
9දෙවිඳුන්ගේ එක හුස්මෙන් පවිටු දනෝ වැනසී යති.
එතුමන්ගේ උදහස් මාරුතයෙන් ඔව්හු සැම ම පහ වී යති.
10සිංහයාගේ ගර්ජනය ද රුදුරු සිංහ රජුගේ ගෙරවීම ද පහ වී ඇත;
සිංහ පෝතකයාගේ දත් ඇදී බිඳී ඇත.
11සිහ රද ගොදුරක් නොලැබ මිය යයි.
සිහදෙනගේ පෝතකයෝ හිස් ලූ ලූ අත විසිර දුවති.
12මට එක් කරුණක් රහසින් හෙළි වී ඇත;
එහි සියුම් නාදය මා සවනෙහි රැව් දෙයි.
13 #
ජෝබ් 33:15
මිනිසා රෑ යාමයෙහි බර නින්දට පත් ව, ස්වප්න දකින විට, ගැඹුරු සිතුවිලි උදා වන විට,
14මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය.
භීතිය හා කැළඹීම ද මට ඇති විය.
15මඳ පවනක් මා මුහුණට වැදිණි.
එයින් මා සිරුරෙහි හිරිගඩු පිපිණි.
16යමෙක් අවුත් මා ළඟ නැවතුණේ ය.
එහෙත්, ඔහුගේ මුහුණුවර මට හඳුනාගත නොහැකි විය.
ඒ රූපය මා අබිමුව විය;
අවට නිහඬතාව බිඳ දමමින් මෙවන් හඬක් ඉන් නිකුත් විය.
17දෙවිඳුන් අබිමුව කිසිවෙකුට තමා නිදොස් යැයි සිතිය හැකි ද?
සිය මැවුම්කරු අබිමුව පිවිතුරු කෙනෙක් සිටිත් ද?
18එතුමාණෝ සිය මෙහෙකරුවන් කෙරේ වත් විශ්වාසය නොතබන සේක;
දේව දූතයන් හට වුව ද දොස් නඟන සේක.
19එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද?
ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.
20උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති;
කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති.
21ඔවුන් සතු සියලු දේ පැහැරගෙන ඇත.
කිසි දා ප්රඥාව වත් නොලබා ඔව්හු මියයති.
Currently Selected:
ජෝබ් 4: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society