ජෝබ් 18
18
බිල්දද්ගේ දෙ වන කතාව
1එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2“ඔබේ කතාවට ඉවරයක් නැද් ද?
ටිකක් කල්පනා කරන්න;
ඉන්පසු ව කතාවට බසිමු.
3අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද?
තිරිසන් ගණයට අප දමන්නේ මන් ද?
4ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද?
ඉරාගත්තත් පොළෝ තලය පාළුකරයක් නොවනු ඇත.
ගිරිකුළු නොසෙල්වෙනු ඇත.
5 #
ජෝබ් 21:17
එසේ ය, දුදනාගේ පහන නිවී යයි;
ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි.
6ඔහුගේ කූඩාරමෙහි පහන අඳුරු වෙයි.
ඔහුට ඉහළින් ඇති පහන නිවී යයි.
7ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය.
තමාගේ ම කූට උපාවලින් ඔහු වැටෙයි.
8ඔහු වහා දුව ගොස් දැලකට අසු වෙයි;
ඔහු මලපත් මත ඇවිදියි.
9ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි.
උගුල ගැස්සී ඔහු තදින් පැටලෙයි.
10පොළොවෙහි ඔහුට මරුවැලක් ද ඔහු යන පාරෙහි බොරු වළක් ද ඇත.
11භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි;
ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.
12සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි;
වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.
13දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත;
ඒ මාරක රෝගය ඔහුගේ අවයව කාදමයි.
14ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක, මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත.
15ගෙන්දගම් දුම් අල්ලා පිරිසිදු කළ පසු ඔහුගේ නිවාසයේ අන් කෙනෙකු වසනු ඇත.
16ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය.
17මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත.
සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.
18එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ.
ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ.
19ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත;
ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.
20අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති;
පෙරදිග දනෝ භීතියෙන් වෙවුලති.
21අදමිටු අයගේ ඉරණම එය වේ;
දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.”
Currently Selected:
ජෝබ් 18: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society