YouVersion Logo
Search Icon

යෙසායා 53

53
1 # ජොහ 12:38; රෝම 10:16 අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද?
සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?
2මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය.
එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත;
මන පිනවන ශෝභමානකමක් ද නැත;
3මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ;
දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ.
එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ;
එතුමාණෝ නෙරපනු ලැබූ හ.
අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
4 # මතෙ 8:17 එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය;
දරාගත්තේ අපේ පීඩා ය.
මේවා දඬුවම් යයි අපට සිතුණේ ය.
දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය.
5 # 1 පේදු 2:24 එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය;
පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය.
එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත;
එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.
6 # 1 පේදු 2:25 අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු.
සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
7 # එළිද 5:6 # ක්‍රියා 8:32-33 සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ;
නිහතමානී ලෙස එය දැරූ හ.
මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.
8බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ;
මනු ලොවින් සිඳදමනු ලැබූ හ;
සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ.
9 # 1 පේදු 2:22 මේ කරුණු ගැන, එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක් ද?
එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔවුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේ ය.
ධනවතුන් සමඟ එක සොහොන් බිමේ ය.
10එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය.
මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ.
එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ.
එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.
11එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත.
බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත.
12 # මාක් 15:28; ලූක් 22:37 එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි.
එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ.
මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.

Currently Selected:

යෙසායා 53: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in