යෙසායා 52
52
ජෙරුසලම මුදාගැනීම
1 #
එළිද 21:2,27 එම්බා සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ශක්තිමත් වන්න, ශුද්ධ නුවර වන ජෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න.
මින්පසු අචර්මඡේදිතයෙක් වත්, අපවිත්‍ර වූවෙක් වත්, මේ නගරයට ඇතුළු නොවන්නේ ය.
2ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.
3මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා වහල්කමට විකුණනු ලැබුවේ මුදල් වන්දියකින් නොවේ; එසේ ම නුඹලා මුදනු ලබන්නේත් මුදල් වන්දියකින් නොවේ. 4මුල දී නුඹලා මිසරයේ විදේශී ව සිටින්න ගියහු ය. පසු ව අසිරියාව කිසි හේතුවක් නැති ව නුඹලාට පීඩා කෙළේ ය. 5#රෝම 2:24දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති. 6එබැවින්, මාගේ සෙනඟ මාගේ නාමය දැනගනු ඇත. ඒ දවසේ දී කතා කරන්නේ මා බවත්, මා දෙවියන් වහන්සේ බවත් ඔවුන් දැනගනු ඇත.”
සියොන්ට සුබ ආරංචි
7 #
නාහුම් 1:15; රෝම 10:15; එපී 6:15 සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
8නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත.
සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත.
9ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න;
ඝෝෂා කරමින් හඬ නඟන්න.
සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක.
10සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක.
අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
11 #
2 කොරි 6:17
යන්න, බබිලෝනියෙන් පිට වී යන්න, අපිරිසිදු දේකට අත නොපාන්න.
නොනැවතී පිට වී යන්න, සමිඳුන්ගේ භාණ්ඩ උසුලාගෙන යන නුඹලා පිරිසිදු වන්න.
12හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ;
බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ;
සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක.
සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
දුක් උසුලන සේවකයාණෝ
13බලන්න, මාගේ සේවකයාණන්ට ජය අත් වේ.
එතුමාණෝ, උසස් වී, උතුම් වී, අත්‍යුත්කෘෂ්ට වෙති.
14පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය.
මිනිසෙකුට සමානකමක් නැත.
මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.
15 #
රෝම 15:21
දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති.
රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති.
ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති.
කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.
Currently Selected:
යෙසායා 52: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society

: