1 වංශාවලියේ 20
20
දාවිත් රජ රබ්බා යටත් කිරීම
(2 සාමු 12:26-31)
1 #
2 සාමු 11:1
තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය. 2දාවිත් ඔවුන්ගේ රජුගේ රන් ඔටුන්න මිල්කොම් රජුගේ හිසින් පැහැර ගෙන එය කිලෝග්‍රෑම් තිස්හතරක් බර ඇති බව දැනගත්තේ ය. එහි අනර්ඝ මැණික් ද තිබුණේ ය. එය දාවිත්ගේ හිස පිට තබන ලද්දේ ය. ඔහු ද කොල්ලකාගත් බඩු රාශියක් නුවරින් පිටතට ගෙනාවේ ය. 3ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය.
පිලිස්තිවරුන් පරාජය කිරීම
(2 සාමු 21:15-22)
4ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.
5 #
1 සාමු 17:4-7
නැවතත් පිලිස්තිවරුන් සමඟ යුද්ධයක් විය. ජායිර්ගේ පුත් එල්හානාන් ගිත්තීය ජාතික ගොලියත්ගේ සහෝදර වූ ලහමි මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩකට සමාන විය.
6නැවතත් ගාත්හි යුද්ධයක් විය. එහි ඉතා උස මහත ඇති මනුෂ්‍යයෙක් විය. ඔහුට අත් පා ඇඟිලි හය හය බැගින් ඇඟිලි විසිහතරක් තිබුණේ ය. ඔහු ද යෝධයාට දාව උපන් කෙනෙකි. 7ඔහු ඉශ්රායෙල්වරුන්ට විරෝධය දැක්වූ කල දාවිත්ගේ සහෝදරයා වන ෂිමියාගේ පුත් ජොනතන් ඔහු මැරුවේ ය.
8මොවුහු ගාත්හි දී යෝධයන්ට දාව උපන් අය ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද පැරදී මියගියෝ ය.
Currently Selected:
1 වංශාවලියේ 20: NRSV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society