YouVersion Logo
Search Icon

රූත්ගේ කථාව 2:14-19

රූත්ගේ කථාව 2:14-19 SROV

කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය. ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය. ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය. ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය.

Free Reading Plans and Devotionals related to රූත්ගේ කථාව 2:14-19