ගීතාවලිය 70
70
ඉක්මනින් උපකාර ලැබීම සඳහා යාච්ඤාව
නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි; සිහිකරවීමටයි.
1දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට උපකාරකරන්ට ඉක්මන්වුව මැනව.
2මාගේ ජීවිතය සොයන්නෝ ලජ්ජාවෙත්වා, වියවුල් වෙත්වා.
මට පැමිණි අන්තරාය ගැන ප්‍රීතිවන්නෝ පසුබසිත්වා, අගෞරවයට පැමිණෙත්වා.
3ඔහෝ!
ඔහෝ!
කියන්නෝ තමුන්ට වූ ලජ්ජාව නිසා පසුබසිත්වා;
4ඔබ සොයන සියල්ලෝම ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා, සන්තෝෂවෙත්වා;
ඔබගේ ගැළවීමට ප්‍රේමවන්නෝ:
දෙවියන්වහන්සේ උසස්වනසේක්වයි නිතරම කියත්වා.
5නුමුත් මම දුප්පත්මි, දිළින්දෙමි;
දෙවියන්වහන්ස, මා වෙතට ඉක්මනින් අවමැනව.
මාගේ පිහිටත් මිදුම්කාරයාණොත් ඔබය.
ස්වාමිනි, පමා නූන මැනව.
Currently Selected:
ගීතාවලිය 70: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society