YouVersion Logo
Search Icon

ගීතාවලිය 54

54
අන්තරායෙන් මිදීම
නායක වාද්‍යකරුටයි; වීණා ඇතුව ගීතිකා කිරීමටයි. සිප්වරුන් ඇවිත්: දාවිත් අප අතරේ සැඟවී ඉන්නවා නොවේදැයි සාවුල්ට කී පසු දාවිත් විසින් ලියූ අනුශාසනාවකි.
1දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව.
2දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව;
මාගේ මුඛයේ වචනවලට කන්දුන මැනව.
3මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය.
ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය.
4බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය.
මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.
5උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක.
ඔබගේ සැබෑකම නිසා ඔවුන් විනාශ කළ මැනව.
6මම ස්වෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි.
ස්වාමිනි, ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.
7මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක;
තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසින් දුටිමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 54