ගීතාවලිය 27:3-8
ගීතාවලිය 27:3-8 SROV
සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි. ස්වාමීන්ගෙන් එක දෙයක් ඉල්ලීමි, ඒක සොයන්නෙමි; එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය. මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. දැනුදු මා අවට සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවනු ලබන්නේය; උන්වහන්සේගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; ස්වාමීන්ට ගීතිකා කරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි. ස්වාමිනි, මාගේ ශබ්දයෙන් හඬගසනකල ඇසුව මැනව. මට කරුණාකොට උත්තරදුන මැනව. මාගේ මුහුණ සොයව්යයි ඔබ කීකල, ස්වාමිනි, ඔබගේ මුහුණ සොයන්නෙමියි මාගේ සිත ඔබට කීය.













