YouVersion Logo
Search Icon

ගීතාවලිය 136

136
සදාකාල කරුණාවෙන් යුත් ස්වාමීන්වහන්සේ වර්ණනාකිරීම
1 ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
2දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
3ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
4මහත් ආශ්චර්යයන් කරන එකම තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
5නුවණින් අහස මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
6ජල මතුයෙහි පොළොව අතුළාවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
7මහත් ආලෝක මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
8දවාලෙහි ආණ්ඩුකිරීමට සූර්යයා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
9රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
10කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
11ඔවුන් අතරෙන් ඉශ්‍රායෙල් පිටත ගෙනා උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
12බලවත් හස්තයකින් හා දිගුකළ බාහුවකින් එසේ කළ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
13රතු මුහුද දෙකට බෙදූ තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
14ඉශ්‍රායෙල්වරුන්ද ඒ මැදින් යැවූ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
15ඵාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ හෙළාදැමූ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
16ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
17මහත් රජුන්ට පහරදුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
18කීර්තිමත් රජුන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
19අමෝරිවරුන්ගේ රජවූ සීහොන් නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්].
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
20බාෂාන්හි රජවූ ඕග්ද නැසූ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
21ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
22ස්වකීය මෙහෙකරුවූ ඉශ්‍රායෙල්ට එය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
23අපේ පහත් ස්වභාවයෙහිදී අප සිහිකළ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
24අපේ එදිරිකාරයන්ගෙන් අප මිදූ උන්වහන්සේට [ස්තුතිකරව්];
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
25උන්වහන්සේ මාංසමයවූ සියල්ලන්ට ආහාර දෙනසේක.
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
26ස්වර්ගයේ දෙවියන්වහන්සේට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 136