YouVersion Logo
Search Icon

ගීතාවලිය 133

133
සහෝදර සමාගමේ අලංකාරය
ආරෝහණ ගීතයකි; දාවිත් විසිනි.
1බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!
2එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;
3සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in