YouVersion Logo
Search Icon

හිතෝපදේශ 9:1-6

හිතෝපදේශ 9:1-6 SROV

ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනගා, ඇගේ කුළුනු සත කපා තිබේ. ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ. ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි: එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න. මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 9:1-6