YouVersion Logo
Search Icon

ගණන් කථාව 26

26
ඉශ්‍රායෙල් දෙවෙනි වර ගණන්කරනු ලැබීම
1තවද වංසගතයට පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ටද කථාකොට: 2ඉශ්‍රායෙල් පුත්‍රයන් වන මුළු සභාවෙන් විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, ඉශ්‍රායෙල්වරුන් අතරෙන් යුද්ධයට යත හැකි සියල්ලන්ගේ ගණන ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගන්නැයි කීසේක. 3මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්– 4ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද මිසරදේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද අණකළ ලෙස විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇති සෙනඟගේ ගණන ගන්නැයි කීවෝය.
5ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ය. රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්ගෙන් පැවත ආ හනොක් පවුලය. පල්ලූගෙන් පැවත ආ පල්ලූ පවුලය. 6හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. කර්මීගෙන් පැවත ආ කර්මී පවුලය. 7රූබෙන්වරුන්ගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ සතළිස් තුන්දාස් හත්සිය තිස්දෙනෙක්ය. 8-9පල්ලූගේ පුත්‍රයෝනම්: එලියාබ්ය. එලියාබ්ගේ පුත්‍රයෝනම්: නෙමුවෙල්, දාතාන් සහ අබීරාම්ය. මේ දාතාන් සහ අබීරාම් නම් කෝරාගේ සමාගම ස්වාමීන්වහන්සේට විරුද්ධව විවාදකළ කල්හි සභාවෙන් කැඳවනු ලැබ ඔවුන් සමඟ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව විවාදකළාවූ අයවල්ය. 10ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ. 11එසේවී නුමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණෝය.
12තමුන්ගේ පවුල්වල හැටියට සිමියොන්ගේ පුත්‍රයෝ මොව්හුය: නෙමුවෙල්ගෙන් පැවත ආ නෙමුවෙල් පවුලය. යාමීන්ගෙන් පැවත ආ යාමීන් පවුලය. යාකීන්ගෙන් පැවත ආ යාකීන් පවුලය. 13ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. ෂාවුල්ගෙන් පැවත ආ ෂාවුල් පවුලය. 14සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය.
15තමුන්ගේ පවුල්වල හැටියට ගාද්ගේ පුත්‍රයෝ නම් ශෙඵොන්ගෙන් පැවත ආ ශෙඵොන් පවුලය. හග්ගීගෙන් පැවත ආ හග්ගී පවුලය. ෂුනීගෙන් පැවත ආ ෂුනී පවුලය. 16ඔශ්නීගෙන් පැවත ආ ඔශ්නී පවුලය. ඒරීගෙන් පැවත ආ ඒරී පවුලය. 17අරොද්ගෙන් පැවත ආ අරොද් පවුලය. අර්යේලිගෙන් පැවත ආ අර්යේලි පවුලය. 18ගාද්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස්දාස් පන්සියයක්ය.
19යූදාගේ පුත්‍රයෝනම් ඒර් සහ ඕනාන්ය. ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. 20තමුන්ගේ පවුල්වල හැටියට යූදාගේ පුත්‍රයෝනම්: ෂේලාගෙන් පැවත ආ ෂේලා පවුලය. පෙරෙශ්ගෙන් පැවත ආ පෙරෙශ් පවුලය. ශෙරාගෙන් පැවත ආ ශෙරා පවුලය. 21පෙරෙශ්ගේ පුත්‍රයෝනම්: හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. හාමුල්ගෙන් පැවත ආ හාමුල් පවුලය. 22යූදාගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සැත්තෑ හදාස් පන්සියයක්ය.
23තමුන්ගේ පවුල්වල හැටියට ඉස්සාඛර්ගේ පුත්‍රයෝ නම්: තෝලාගෙන් පැවත ආ තෝලා පවුලය. පූවාගෙන් පැවත ආ පූනී පවුලය. 24යාෂුබ්ගෙන් පැවත ආ යාෂුබ් පවුලය. ෂිම්රොන්ගෙන් පැවත ආ ෂිම්රොන් පවුලය. 25ඉස්සාකර්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටහතරදාස් තුන්සියයක්ය.
26තමුන්ගේ පවුල්වල හැටියට සාබුලොන්ගේ පුත්‍රයෝ නම්: සෙරෙද්ගෙන් පැවත ආ සෙරෙද් පවුලය. ඒලොන්ගෙන් පැවත ආ ඒලොන් පවුලය. යාලෙයෙල්ගෙන් පැවත ආ යාලෙයෙල් පවුලය. 27සාබුලොන්වරුන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය හැටදාස් පන්සියයක්ය.
28තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්: 29මනස්සේ සහ එප්‍රායිම්ය. මනස්සේගේ පුත්‍රයෝ නම්: මාකීර්ගෙන් පැවත ආ මාකීර් පවුලය. මාකීර්ට දාව ගිලියද් උපන්නේය. ගිලියද්ගෙන් පැවත ආ ගිලියද් පවුලය. 30ගිලියද්ගේ පුත්‍රයෝ නම්: ඊයෙසෙර්ගෙන් පැවත ආ ඊයෙසෙර් පවුලය. හේලෙක්ගෙන් පැවත ආ හේලෙක් පවුලය. 31අශ්‍රීයෙල්ගෙන් පැවත ආ අශ්‍රීයෙල් පවුලය. ෂෙකෙම්ගෙන් පැවත ආ ෂෙකෙම් පවුලය. 32ෂෙම්දාගෙන් පැවත ආ ෂෙමිදා පවුලය. හේඵෙර්ගෙන් පැවත ආ හේඵෙර් පවුලය. 33හේඵෙර්ගේ පුත්‍රවූ ශෙලෝඵෙහාද්ට දූවරු මිස පුත්‍රයෝ නොසිටියෝය. ශෙලෝඵෙහාද්ගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශාය. 34මනස්සේගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස් දෙදාස් හත්සියයක්ය.
35තමුන්ගේ පවුල්වල හැටියට එප්‍රායිම්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුතෙලාගෙන් පැවත ආ ෂුතෙලා පවුලය. බෙකෙර්ගෙන් පැවත ආ බෙකෙර් පවුලය. තහන්ගෙන් පැවත ආ තහන් පවුලය. 36ෂුතෙලාගේ පුත්‍රයෝ මොව්හුය. එරාන්ගෙන් පැවත ආ එරාන් පවුලය. 37එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය තිස් දෙදාස් පන්සියයක්ය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ ඔව්හුය.
38තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලාගෙන් පැවත ආ බෙලා පවුලය. අෂ්බෙල්ගෙන් පැවත ආ අෂ්බෙල් පවුලය. අහිරාම්ගෙන් පැවත ආ අහිරාම් පවුලය. 39ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය. 40බෙලාගේ පුත්‍රයෝ නම්: අර්ද් සහ නාමාන්ය. අර්ද්ගෙන් පැවත ආ අර්ද් පවුලය. නාමාන්ගෙන් පැවත ආ නාමාන් පවුලය. 41තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ ඔව්හුය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හසියයක්ය.
42තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුහාම්ගෙන් පැවත ආ ෂුහාම් පවුලය. තමුන්ගේ පවුල්වල හැටියට දාන්ගේ පවුල් ඔව්හුය. 43ෂුහාම්වරුන්ගේ සියලු පවුල්වලින් ගණන්කරනු ලැබූ අය සැට සතරදාස් හාරසියයක්ය.
44තමුන්ගේ පවුල්වල හැටියට ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නාගෙන් පැවත ආ ඉම්නා පවුලය. ඉෂ්වීගෙන් පැවත ආ ඉෂ්වී පවුලය. බෙරියාගෙන් පැවත ආ බෙරියා පවුලය. 45බෙරියාගේ පුත්‍රයන්ගෙන් හේබෙර්ගෙන් පැවත ආ හේබෙර් පවුලය. මල්කීයෙල්ගෙන් පැවත ආ මල්කීයෙල් පවුලය. 46ආෂෙර්ගේ දුවගේ නම සෙරාය. 47ආෂෙර් පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස්තුන්දාස් හාරසියයක්ය.
48තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පුත්‍රයෝ නම්: යාශීල්ගෙන් පැවත ආ යාශීල් පවුලය. ගුනීගෙන් පැවත ආ ගුනී පවුලය. 49යේශෙර්ගෙන් පැවත ආ යේශෙර් පවුලය. ෂිල්ලෙම්ගෙන් පැවත ආ ෂිල්ලෙම් පවුලය. 50තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හාරසියයක්ය.
51ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන්කරනු ලැබූ ඔව්හු සලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙක්ය.
52තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: 53නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය. 54වැඩිව සිටින්නන්ට වැඩියෙන්ද අඩුව සිටින්නන්ට අඩුවෙන්ද ඔවුන්ගේ උරුමය දෙන්න. ගණන්කරනු ලැබූවන්ගේ ගණනේ ප්‍රකාරයට එක එක ගෝත්‍රයට උරුමය දෙනු ලැබේවා. 55එසේවීනුමුත් පස ඇට දැමීමෙන් දේශය බෙදනු ලබාවා. ඔවුන්ගේ පිය ගෝත්‍රවල නාමවල හැටියට ඔවුන්ට උරුමය ලැබේවා. 56පස ඇට වැටීමේ හැටියටම වැඩි නුමුත් ස්වල්ප නුමුත් ඔවුන්ගේ උරුමය බෙදා දෙනු ලැබේවයි කීසේක.
57තමුන්ගේ පවුල්වල හැටියට ලෙවීවරුන්ගෙන් ගණන්කරන ලද්දෝ මොව්හුය: ගේර්ෂොන්ගෙන් පැවත ආ ගේර්ෂොන් පවුලය. කොහාත්ගෙන් පැවත ආ කොහාත් පවුලය. මෙරාරීගෙන් පැවත ආ මෙරාරී පවුලය. 58ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය. 59අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය, ඈ මිසරයේදී ලෙවීට දාව උපන්නාවූ ඔහුගේ දුවක්ය. ඈ අම්රාම් නිසා ආරොන්ද මෝසෙස්ද ඔවුන්ගේ සහෝදරීවූ මිරියාම්ද බිහිකළාය. 60ආරොන්ට දාව නාදාබ් සහ අබිහුද එලෙයාසර් සහ ඊතාමාර්ද උපන්නෝය. 61නාදාබ් සහ අබීහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි නැසුණෝය. 62ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමි වන විසිතුන්දාහක්ය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ කිසි උරුමයක් ඔවුන්ට නුදුන් බැවින් ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබූහ.
63යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ එලෙයාසර්ද විසින් ගණන්කරනු ලැබූවෝ මොව්හුය. 64එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය. 65මක්නිසාද: ඔව්හු කාන්තාරයෙහි සැබවින්ම මියන්නෝයයි ස්වාමීන්වහන්සේ ඔවුන් ගැන කීසේක. එහෙත් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඉතුරු නොවීය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගණන් කථාව 26