YouVersion Logo
Search Icon

ගණන් කථාව 22:22-31

ගණන් කථාව 22:22-31 SROV

ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය. ස්වාමීන්වහන්සේගේ දූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය. බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය. කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය. ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය.

Video for ගණන් කථාව 22:22-31

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 22:22-31