YouVersion Logo
Search Icon

ගණන් කථාව 11:1-3

ගණන් කථාව 11:1-3 SROV

සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය. එවිට සෙනඟ මෝසෙස්ට මොර ගැසුවෝය; මෝසෙස් ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය, ගින්න නිවීගියේය. ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින් ඒ ස්ථානයට තබේරා යන නාමය තබනලද්දේය.

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 11:1-3