ශු. මතෙව් 4:5-7
ශු. මතෙව් 4:5-7 SROV
එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හෙයින්ද– උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අණදෙනසේක. නුඹේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු තමුන්ගේ අත්පිට නුඹ උසුලාගන්නෝය කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක.





