YouVersion Logo
Search Icon

ශු. මතෙව් 21:1-10

ශු. මතෙව් 21:1-10 SROV

ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්: නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න. යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක. මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය. ගෝලයෝ ගොස් යේසුස්වහන්සේ නියමකළ ලෙස කර, කොටළුදෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක. සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය. පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය. උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය.

Free Reading Plans and Devotionals related to ශු. මතෙව් 21:1-10