ශු. ලූක් 22:17-22
ශු. ලූක් 22:17-22 SROV
උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිකොට: මේක ගෙන නුඹලා අතරේ බෙදාගන්න. මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මෙතැන් පටන් මම මිදිවැලේ ඵලයෙන් නොබොන්නෙමියි කීසේක. උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය. එහෙත් මා පාවාදෙන්නාගේ අත මා සමඟ මේසයෙහි තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නියමකර තිබෙන හැටියට යන්නේමය. නුමුත් ඔහු පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ යයි කීසේක.





