විලාප ගී 1
1
සියොන් නුවර පාළුව තිබීම පිළිබඳ ශෝකවීම
1සෙනඟගෙන් පිරී තිබුණු නුවර තනිව හිඳින හැටි!
ඈ වැන්දඹුවක් මෙන් වූ හැටි!
ජාතීන් අතරෙහි උතුම්ව දනව් අතරෙහි කුමාරිකාවක්ව සිටි තැනැත්තී ආදායමට යටත්වූ හැටි!
2ඈ රාත්‍රියෙහි අතිශයින් හඬයි, ඇගේ කඳුළු ඇගේ කම්මුල් පිට තිබේ;
ඇගේ සියලු ප්‍රේමවතුන්ගෙන් ඈ සනසන්ට කිසිවෙක් නැත.
ඇගේ සියලු මිත්‍රයෝ ඈට ද්‍රෝහිකම් කළෝය.
ඔව්හු ඈට සතුරෝ වී සිටිති.
3පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය;
ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි.
ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.
4මංගල්‍ය රැස්වීමට එන කෙනෙක් නැති බැවින් සියොන්ට යන මාර්ගයෝ වැලපෙන්නාහ;
ඇගේ සියලු දොරටු පාළුව තිබේ, ඇගේ පූජකයෝ සුසුම්ලති.
ඇගේ කන්‍යාවෝ ශෝකවෙති, ඈම තික්තකමෙහි සිටියි.
5ඇගේ එදිරිකාරයෝ ප්‍රධානයෝ වූහ, ඇගේ සතුරෝ සමෘද්ධවෙති;
මක්නිසාද ඇගේ අපරාධ රාශිය නිසා ස්වාමීන්වහන්සේ ඈට පීඩාකළසේක.
ඇගේ බාලයෝ එදිරිකාරයාට පෙරටුවෙන් වහල්කමට ගියෝය.
6සියොන් දියණියගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහව ගියේය.
ඇගේ අධිපතීහු කෑම නොලැබූ මුවන්ට සමානවුණෝය, එළවාගෙන එන්නා ඉදිරියෙහි ඔව්හු බෙලහීනව ගියෝය.
7යෙරුසලම ඇගේ පීඩාව සහ දුක් දවස්වලදී පුරාණ දවස් පටන් ඈට තිබුණු ඇගේ සියලු ප්‍රිය දේ සිහිකරයි.
ඈට උපකාරකරන්නෙක් නැතුව, ඇගේ සෙනඟ එදිරිකාරයා අතට අසුවූ විට, එදිරිකාරයෝ ඈ දැක, ඇගේ විනාශය ගැන සිනාසුණෝය.
8යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය.
ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති.
එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි.
9ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේය;
ඈ තමාගේ මතු කාලය සිහි නොකළාය;
එබැවින් ඈ පුදුමලෙස පහළ බැස්සාය;
ඈට සැනසිලිකාරයෙක් නැත.
ස්වාමීන්වහන්ස, මාගේ දුක බැලුව මැනව;
මක්නිසාද සතුරා උඩඟුකම්කෙළේය.
10එදිරිකාරයා ඇගේ සියලු ප්‍රියවූ දේ පිට තමාගේ අත හෙළුවේය.
මක්නිසාද ඔබගේ සභාවට ඇතුල් නොවෙන හැටියට ඔබ අණකළ ජාතීන් ඇගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙනවා ඈ දුටුවාය.
11ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති;
පණ රැකගන්න පිණිස ඔව්හු තමුන්ගේ ප්‍රිය දේ ආහාර වෙනුවට දුන්නෝය.
ස්වාමීන්වහන්ස, මා නීචවී සිටින බව බලා සැලකුව මැනව.
12මග යන සියල්ලෙනි, නුඹලා මෙය නොසලකන්නහුද?
මට පැමිණ තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේ තමන් බලවත් උදහසේ දවසේදී මට පැමිණෙවුවාවූ මාගේ ශෝකය වැනි ශෝකයක් ඇද්දැයි බලා දැනගන්න.
13උන්වහන්සේ ඉහළින් මාගේ ඇට තුළට ගින්න එවූසේක, එය එහි බලය පවත්වයි.
උන්වහන්සේ මාගේ පාදවලට දැලක් හෙළූසේක, මා පස්සට හැරවූසේක;
මා පාළුවක්ද දවස මුළුල්ලේ බෙලහීනයෙක්ද කළසේක.
14මාගේ අපරාධ නැමති වියගහ බැඳ තිබෙන්නේ උන්වහන්සේගේ අතින්ය;
ඒවා ගෙතී මාගේ බෙල්ල පිට ඝනවී තිබේ;
එයින් මාගේ ශක්තිය හීනවිය.
මට නැගිටින්ට බැරිලෙස සතුරන් අතට ස්වාමීන්වහන්සේ මා පාවා දුන්සේක.
15මා තුළ සිටි මාගේ සියලු බලවතුන් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක සේක;
මාගේ යෞවනයන් සුන්කරන්ට උන්වහන්සේ මට විරුද්ධව මංගල්‍ය සභාවක් අඬගසාගත්සේක.
ස්වාමීන්වහන්සේ මිදි පැසක් මෙන් යූදාගේ කන්‍යා දුව පෑගූසේක.
16මේ දේවල් නිසා අඬමි;
මාගේ ඇසින්, එසේය, මාගේ ඇසින් කඳුළු ගලන්නේය;
මක්නිසාද මා ප්‍රාණවත්කරන්නාවූ සැනසිලිකාරයා මාගෙන් ඈත්ව සිටියි.
සතුරා ජයගත් බැවින් මාගේ දරුවෝ අසරණව සිටිති.
17සියොන් ඇගේ අත් විදහාගන ඉඳියි;
ඈ සනසන්ට කෙනෙක් නැත;
යාකොබ් අවට සිටින්නන් ඔහුගේ සතුරන් වන ලෙස ස්වාමීන්වහන්සේඅණකර තිබේ.
යෙරුසලම ඔවුන් අතරෙහි කිලුටක්වී තිබේ.
18 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය;
මක්නිසාද මම උන්වහන්සේගේ ආඥාවට විරුද්ධව කැරළිගැසීමි.
අනේ සියලු ජනයෙනි, අසා මාගේ ශෝකය බලන්න.
මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද වහල්කමට ගියෝය.
19මාගේ ප්‍රේමවන්තයන්ට අඬගැසීමි, නුමුත් ඔව්හු මා රැවටුවෝය.
මාගේ පූජකයෝද මාගේ වැඩිමහල්ලෝද තමුන්ගේ ප්‍රාණ රැකගන්න පිණිස තමුන්ට කෑම සොයන අතර නුවරදී නැසී ගියෝය.
20 ස්වාමීන්වහන්ස, බැලුව මැනව;
මක්නිසාද විපතට පත්ව සිටිමි;
මාගේ බඩවැල් කැලඹී තිබේ;
මාගේ හෘදය මා තුළ පෙරළී තිබේ;
මක්නිසාද මම බලවත්ලෙස කැරළිගැසීමි.
පිටතදී කඩුව දරුවන් නැතිකරන්නේය, ගෙයි මරණය වැන්නක් ඇත්තේය.
21මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය;
මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය;
ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති.
ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.
22ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේවා;
මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක්මෙන් ඔවුන්ටත් කළ මැනව.
මක්නිසාද මාගේ සුසුම්ලෑම් බොහෝය, මාගේ සිතද ක්ලාන්තව තිබේ.
Currently Selected:
විලාප ගී 1: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society