YouVersion Logo
Search Icon

ජෝබ් 37

37
1එසේය, ඊට මාගේ සිත වෙවුලා ඒකේ ස්ථානයෙන් ඉවත්වෙයි.
2උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න.
3උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක.
4ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය;
උන්වහන්සේ තමන් මහන්තත්වයේ හඬින් ගර්ජනාකරනසේක.
උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ ඒවා ප්‍රමාද කරන්නෙත් නැත.
5දෙවියන්වහන්සේ ස්වකීය හඬින් පුදුමලෙස ගර්ජනාකරනසේක.
අප නොදන්න මහත් දේ කරනසේක.
6මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට:
පොළොවට බසිව්යයි කියනසේක.
7උන්වහන්සේගේ කර්මාන්තය වන සියලු මනුෂ්‍යයන් ඒක දැනගන්නා පිණිස උන්වහන්සේ හැම මිනිසුන්ගේ අත් මුද්‍රාකර තබනසේක.
8එකල මෘගයොත් ගුහාවලට ඇතුල්වී, උන්ගේ බෙනවල නවතින්නෝය.
9දකුණු නිවාසයෙන් සුළිහුළඟද උතුරෙන් ශීතලයද පැමිණෙන්නේය.
10දෙවියන්වහන්සේගේ හුස්මෙන් වතුර මිදෙන්නේය.
පළල් ජලධාරා අවහිරවන්නේය.
11එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක;
ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක.
12දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,
13උන්වහන්සේ ඒවාට අණකරන සියල්ලම මිනිස් වාසයවූ ලෝකය මතුපිට එයින් සිද්ධවෙන පිණිස, ඒවා උන්වහන්සේගේ නියමය ප්‍රකාර හැම දිශාවලට හැරී යන්නෝය.
14එම්බා, යෝබ්, මීට ඇහුම්කන්දීගන සිටින්න.
නිශ්චලව සිට දෙවියන්වහන්සේගේ පුදුම ක්‍රියා කල්පනාකරන්න.
15දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද?
16දැනගැන්මෙන් සම්පූර්ණව සිටින තැනන්වහන්සේගේ පුදුම ක්‍රියා, එනම්, වලාපටල එල්ලී තිබෙන ආකාරය නුඹ දන්නවාද?
17දකුණු සුළඟින් පොළොව නිශ්චලවූ කල නුඹේ ඇඳුම් උණුහුම්වෙන්නේ කෙසේදැයි දන්නවාද?
18වාත්තු කැඩපතක් මෙන් සවි ඇති අහස උන්වහන්සේ වාගේ අතුරන්ට නුඹට පුළුවන්ද?
19අප විසින් උන්වහන්සේට කිය යුතුදේ නුඹ අපට දන්වන්න.
අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය.
20මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද?
නොහොත් මනුෂ්‍යයෙක් නාස්ති කරනු ලබන්ට ආශාවිය යුතුද?
21ඉතින් හුළඟ ගසා අහස පැහැදුණාම, එහි දීප්තිමත් එළිය දරන්ට මනුෂ්‍යයන්ට බැරිය.
22උතුරු දිගින් රන්වන් අලංකාරය පැමිණෙන්නේය.
දෙවියන්වහන්සේ වෙත භයානක මහිමය ඇත්තේය.
23සර්වපරාක්‍රමයාණන්වහන්සේ නම් අපට සොයා දැනගන්ට බැරි කෙනෙක්ය;
උන්වහන්සේ පරාක්‍රමයෙන්ද යුක්තිය හා සම්පූර්ණ ධර්මිෂ්ඨ කමෙන්ද උතුම්ව සිටිනසේක, උන්වහන්සේ පීඩා නොකරනසේක.
24එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති.
උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් නොසලකනසේකැයි කීවේය.

Currently Selected:

ජෝබ් 37: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy