YouVersion Logo
Search Icon

ගලාති 6:2-10

ගලාති 6:2-10 SROV

එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න. මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි. නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ. මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය. වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; ආත්මයාණන්වහන්සේ සඳහා වපුරන්නා ආත්මයාණන්වහන්සේගෙන් සදාකාල ජීවනය කපාගන්නේය. තවද යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව. එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.

Free Reading Plans and Devotionals related to ගලාති 6:2-10