නික්මයාම 4:1-5
නික්මයාම 4:1-5 SROV
එවිට මෝසෙස් උත්තර දෙමින්: එහෙත් බැලුව මැනව, ඔවුන් මා විශ්වාස නොකොට, මාගේ හඬට ඇහුම්කන් නොදී, ස්වාමීන්වහන්සේ නුඹට නොපෙනුණුසේකැයි කියනවා ඇතැයි කීය. එවිට ස්වාමීන්වහන්සේ: නුඹේ අතේ තිබෙන්නේ මොකක්දැයි ඔහුගෙන් ඇසූසේක. සැරයටියක්යයි ඔහු කීවේය. උන්වහන්සේ: ඒක බිම හෙලන්නැයි කීසේක. ඔහු ඒක බිම හෙළූ විට ඒක සර්පයෙක් විය; මෝසෙස් ඌ ඉදිරියෙන් දිවුවේය. ස්වාමීන්වහන්සේ: නුඹේ අත දිගුකොට ඌ වල්ගෙන් අල්වා ගන්නැයි මෝසෙස්ට කීසේක. (ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වාගත්තේය, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් වුණේය.) ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක.





